ඉන්දියාවෙන් පැය 24ක් තුල නව ආසාදිතයන් 240,000ක්
ද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 240,842ක් හඳුනාගෙන ඇති අතර, ඒ අනුව, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි හැටපන් ලක්ෂය ඉක්මවනවා.
එමෙන්ම, ගත වූ පැය 24 තුල වාර්තා වූ කොරෝනා මරණ 3741ක් සමගින් ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද, 299,000 ඉක්මවා තිබෙනවා.
මේ මාසය තුල පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් හැත්තෑ හත් ලක්ෂයක් වාර්තා වී ඇති අතර, මැයි මාසය තුල මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 90,000කට අධිකයි.