ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය සැලසුම් කළ පරිදි

කොරෝනා ආසාදනය වූ බවට හඳුනා ගැණුනු බංග්ලාදේශයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉසුරු උදාන සහ පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස්ට සිදුකළ දෙවන පරීක්ෂණයෙන් ඔවුන් ආසාදිතයන් නොවන බව තහවුරු වී තිබෙනවා.

එලෙස දෙවන පරීක්ෂණයෙන් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ නවක ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුට පමණයි.

ඒ අනුව, ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ තරග නියමිත ආකාරයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් සිල්වා සඳහන් කළා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය ඩකා නුවරදී දිවා රාත්‍රී තරගයක් ලෙස අද දහවල් ආරම්භ වීමට නියමිතයි.

පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් මෙන්ම ක්‍රීඩකයන් වන ඉසුරු උදානට සහ ශිරාන් ප්‍රනාන්දුට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණ වූයේ තරගයට පැය කිහිපයකට පෙරයි.

කෙසේ නමුත්, දෙවන පරීක්ෂණය අනුව තරගාවලි සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් ප්‍රකාශ කළා.

ඒ අනුවයි තරගාවලිය නියමිත ආකාරයෙන් පැවැත්වීමට තීරණය වී ඇත්තේ.