BTSලාගේ අලුත්ම සිංදුව, ලංකාවේ Youtube ට්‍රෙන්ඩින් ලිස්ට් එකත් ආක්‍රමණය කරයි

BTS කියන කොරියන් කොල්ලෝ සෙට් එක ගැන කවුද නොදන්නේ. මේ වෙනකොට මුළු ලෝකෙම කතාවෙන මේ “බෑන්ඩ්” එක වෙනස්ම විදිහේ ගීතවලින් අන්තර්ජාලය හොල්ලන්න සමත් වුණා.
RM,Jin, Suga, J-Hope, Jimin, V, Jungkook කියන සාමාජීකයෝ හත් දෙනාගේ එකතුවෙන් හැදුනු BTS බෑන්ඩ් එකේ අලුත්ම ගීතය මේ වන විට අන්තර්ජාලයට නිකුත් කරලා.
‘Butter’ කියන මේ ගීතයේ Teaser එක ලංකාවේ යූටියුබ් වලින් දෙවැනි ස්ථානයේ පසුවෙනවා කිව්වොත් ඔබ පුදුම වේවී. ඒ විතරක් නෙවෙයි ඔර්ජිනල් ගීතය මියුසික් ට්‍රෙන්ඩින් වල 5 වැනි ස්ථානයට ඇවිත්.
BTS කොරියන් කොල්ලෝ සෙට් එකක් වුණත්, මේ ගීතය ඉංග්‍රීසි භාෂාවෙන් වීමත් විශේෂත්වයක්. (ඒක මෙයාලගේ දෙවැනි ඉංග්‍රීසි සිංදුවලූ.)
ලංකාවේ තරුණියන් කාගෙත් ආකර්ශනය දිනාගත්ත මේ කොල්ලෝ හත් දෙනාගේ අලුත්ම සිංදුව පහළින් ඔයාලටත් බලන්න පුළුවන්.