මොඩර්නා එන්නත දකුණු කොරියාවේ නිෂ්පාදනය කිරීමට ගිවිසුමක්

ඇමෙරිකානු මොඩර්නා කොරෝනා එන්නත දකුණු කොරියාව තුල නිෂ්පාදනය කිරීම සඳහා සැම්සුන් බයෝලොජික්ස් සමාගම සමඟ ගිවිසුමකට එළඹී තිබෙනවා.

එම්.ආර්.එන්.ඒ තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන මොඩර්නා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට අනුමත කර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක් ප්‍රමුඛත්වයකින් යුතුව යොදා ගනු ලබනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන මොඩර්නා එන්නත් ලබන වසරේ 3 වන කාර්තුවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත රටවල් වෙත අලෙවි කිරීමටයි සැලසුම් කෙරෙන්නේ.

එමෙන්ම, දකුණු කොරියාව විසින් ද මොඩර්නා එන්නත් මිලියන 40 ක් මේ වනවිටත් ඇණවුම් කර අවසන්.