සේවක අර්ථසාධක අරමුදල් ශේෂය තැපෑලෙන් ගෙන්වා ගැනීමට ක්රමවේදයක්
දැනට රට තුල ක්රියාත්මක සංචරණ සීමා හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් දුරස්ථව ලබා ගැනීමේ ක්රමවේදයක් ශ්රී ලංකා මහබැංකුව විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, සාමාජිකයන්ට තම සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය තැපෑලෙන් ගෙන්වා ගත හැකියි.
ඒ සඳහා ජාතික හැඳුනුම්පතේ සහ සේවක අර්ථසාධක අරමුදල් බී කාඩ් පතේ පිටපතක් සාමාජික අත්සන සමඟ කොළඹ – 01, ජනාධිපති මාවතේ අංක 30 දරණ ස්ථානයේ, පස්වන කුළුණේ 12 වන මහලේ, පිහිටි මහබැංකු සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයා වෙත යොමුකළ යුතුයි.
ශේෂය දැන ගැනීම සඳහා වූ ඉල්ලීමට ප්රතිචාර දැක්වූ බව සනාථ කිරීම සඳහා කෙටි පණිවුඩයක් එවීමට ජංගම දුරකථන අංකයක් ද එහි සටහන් කරන ලෙසයි මහබැංකුව ඉල්ලා සිටින්නේ.