විශ්වවිද්‍යාල අයදුම්කරුවන්ට විශේෂ පණිවුඩයක්

සංචරණ සීමා පවතින මෙම කාලසීමාව තුල 2020/2021 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී මාර්ග ගත ක්‍රමයට (online) පමණක් අයදුම්පත් යොමුකිරීම ප්‍රමාණවත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

ලබන මස 11 වනදා දක්වා Online ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමට පහසුකම් සලසා ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කර සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.