මාධ්‍යවේදියා පැහැර ගැනීම නිසා බෙලරූස් රාජ්‍යයට යුරෝපීය ගුවන් තහනමක්
යුරෝපා සංගමයේ රටවල් විසිහතේ නායකයින් බ්‍රසල්ස් නුවරදී ඊයේ රැස්වී එම තීරණයට එළැඹුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව බෙලරූස් ගුවන් සේවාවන්ට අනෙකුත් යුරෝපීය රටවල ගුවන් තල වෙත ඇතුළු වීම තහනම් වනු ඇති.
මෙලෙස පැහැරගත් 26 හැවිරිදි මාධ්‍යවේදී රෝමන් පොටසෙවිච් අත්අඩංගුවේදී පහරදීම්වලට ලක්විය හැකි බවට ඔහුගේ දෙමව්පියන් බිය පළ කරනවා.