තවත් covid ආසාදිතයින් 29ක් කටුනායකින් ….

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ මෙම වෛරසය ආසාදිත සේවකයින් 29 දෙනෙකු සොයාගෙන ගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 366 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් 10/24 දින තුළ කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණක් හමු වී ඇති අතර , ඒ අනුව එම කොට්ඨාසය තුළින් මේ දක්වා මෙම වෛරසය ආසාදිත රෝගීන් 307 දෙනෙකු වාර්තා වී ඇති බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!