භාරත් බයෝටෙක් කොරෝනා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය සැප්තැම්බරයට පෙර
එන්නත්කරණය මගින් කොරෝනා වසංගතය පාලනය කරන බටහිර රටවල් ක්‍රමයෙන් විවෘත වද්දී ඉන්දියානු ශිෂ්‍ය ප්‍රජාව මුහුණදෙන ගැටලුවක් වන්නේ ඔවුන් ලබා ගත් භාරත් බයෝටෙක් කොවැක්සීන් එන්නත එම රටවල් විසින් පිළි නොගැනීමයි.
විදෙස් විශ්වවිද්‍යාලවල ඉගෙනීම සඳහා කොරෝනා එන්නත් ලබා සිටීම ඉදිරියේදී අනිවාර්ය වනු ඇති.
එහෙත්, බටහිර රටවල් බොහොමයක් මෙතෙක් පිළිගෙන ඇත්තේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පමණයි.
චීන සයිනොෆාම් එන්නතට ද පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණා.
එමගින් ප්‍රකාශ කළේ එන්නත පිළිබඳ තවත් තොරතුරු ලැබිය යුතු බවයි.
එහෙත් භාරත් බයෝටෙක් එන්නත මේ වනවිට ලොව රටවල් 13ක් හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති අතර රටවල් 60 ක් ඒ පිළිබඳ සලකා බලමින් සිටිනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ භාරත් බයෝටෙක් එන්නත සඳහා ජුලි මාසය සහ සැප්තැම්බර් මාසය අතර අනුමැතිය ලබාදීමට හැකිවනු ඇති බවයි.