ගිනි ගත් නැවේ දැවි තෙල් සහ අබලි මීගමු වෙරල තීරයට

කොළඹ පිටත වාරයේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්, දැවී තෙල්, සහ අබලි මීගමු වෙරල තීරයේ ජා ඇල, කපුගොඩ, සේත්තුපා ඩුව වෙරල තීරයන්ට ගොඩ ගසා තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙම අබලි වත්තල ප්‍රීති පුර වෙරල තීරයේ සිට මීගමු  වෙරල තීරය දක්වා කිලෝ මීටර් නවයක පමණ ප්‍රමාණයක මේ වනවිට පැතිර ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් සහ තවත් විවිධ ප්‍රමාණයේ කොටස් රාශියක් ඇති අතර එම ද්‍රව්‍ය ස්පර්ශ නොකරන ලෙසට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට යළි දැනුම් දෙනවා.

ජනතාව එම කොටස් එකතු කරන බවට තොරතුරු ලැබුණු බව ද ඔහු සඳහන් කළා.

පසුගිය 19 වනදා මෙම නෞකාවේ ගින්නක් හට ගත්තේ එහි ප්‍රවාහනය කරමින් තිබූ නයිට්ටි්‍රක් අම්ල රසායන ද්‍රව්‍ය බහාලුමකින් කාන්දුවීම හේතුවෙන්.