ඉන්දියාවේ නව කොරෝනා කොරෝනා මරණ නැවතත් 4000 ඉක්මවයි

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා මරණ 4157 ක් වාර්තා වුණා.

ඊයේ දිනයේ එලෙස වාර්තා වූයේ කොරෝනා මරණ 3511 ක් පමණයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 311,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ අටදහසක් වාර්තා වී ඇති අතර එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි හැත්තෑ එක්ලක්ෂයකට අධිකයි.

ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.