නැවේ ගින්න පාලනයට ගුවන් මෙහෙයුම් වැඩි කරයි
කොළඹ වරයට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වන සිංගප්පුරුවට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා එක්ව සිටියා.
මෙම යානා නැවේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය පව්ඩර් (Dry Chemicle Powder) කිලෝ ග්‍රෑම් 425ක් නැව මතට හෙලා තිබෙනවා.
මිට අමතරව ගිනි නිවීම් කටයුතු සඳහා සහයෝගය දීමට පැමිණි ඉන්දීය වෙරල ආරක්ෂක බලකායේ යාත්‍රා දෙක සහ වෝටර් ලිලී ටග් යාත්‍රාවත් ගිනි නිවීමේ මෙහෙයුම් වලට එක්වුණා.
මෙම ගින්න පාලනය කිරීම සඳහා ඉන්දීය වෙරල ආරක්ෂක බලකායේ ඩ්‍රෝනීය ගුවන් යානාවද එක්ව සිටියා.