එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ප්‍රකාශයක්

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා.

නමුත් එම වරායන් දෙකෙන්ම මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බවයි වාර්තා වන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාර්ට්නොල් ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුවක් බවයි.

මේ අතර නෞකාවේ රැගෙන යමින් තිබූ කන්ටේනර් 1486 ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබුණා.

හාර්ට්නොල් පවසන්නේ මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි.

කෙසේ වෙතත් අනතුර හඳුනාගත් අවස්ථාවේදීම නෞකාව බටහිර ඉන්දියාවේ හසීරා වරායට ඇතුළුවීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

නමුත්  හසීරා වරායෙන් මෙම නෞකාවේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් හිමිවී නොමැති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව කටාර් රාජ්‍යයේ හාමඩ් වරායට මෙම නෞකාව ඇතුළුවීමට උත්සාහ කළත් එම වරායත් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඉන්පසුවයි නෞකාව එහි ඊලඟ ගමනාන්තය වන ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කිරීමට පටන් ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් ඒ වන විටත් නෞකාව තුළ ගින්නක් ඇති වීමේ අවදානමක් මතුව තිබූ බව සමාගමේ කරුණාකර අධ්‍යක්ෂවරයා පිළිගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ නෞකාව කලින් ඇතුළුවීමට උත්සාහ කළ ඉන්දීය හෝ කටාර් රාජ්‍යයේ වරායන් දෙකෙන් එකක් නෞකාවට එම වරායන්ට ඇතුළුවීමට අවසර දුන්නේ නම් මේ විනාශයෙන් බේරීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවයි.

වෙළඳ නෞකා රක්ෂණය කරන ලන්ඩනයේ පී ඇන්ඩ් අයි ක්ලබ්(P&I  CLUB) රක්ෂණ සමාගම මෑතකදී නිකුත් කළ වාර්තාවක දැක්වුණේ අද වන විට සෑම සති දෙකකට ම වරක් මෙලෙස ලොව කොතැනක හෝ වෙළඳ නෞකාවක් ගිනි ගැනීමට ලක් වන බවයි.

ඔවුන් මෙලෙස ගිනි ගැනීමට ලක් වන ප්‍රධාන කාරණා තුනක් හෙළිදරව් කර තිබෙනවා.

ඒවා නම් ගල් අඟුරු ප්‍රවාහනයේදී සිදුවිය හැකි අධික උෂ්ණත්වය නිසා සිදුවන ගිනි ගැනීම්, රසායන ද්‍රව්‍ය නිසි පරිදි ගබඩා නොකිරීම නිසා සිදුවන ගිනි ගැනීම් සහ බැටරි ප්‍රවාහනයේ දී අධික ලෙස උණුසුම් වීම හේතුවෙන් සිදුවන ගිනි ගැනීම් යනුවෙනුයි.

මේ වසරේ ජනවාරි මස 28 වනදා වැඩ නිමා කළ අප්‍රේල් මස තුන් වැනිදා සිය කුලුඳුල් ගමන ඇරඹූ සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් නෞකා භාණ්ඩ ප්‍රවාහන සමාගමට අයත් එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ තෙවැනි වෙළඳ සංචාරය මෙයයි.