ණය සහන දිගු කරන්නැයි මහබැංකුව වානිජ බැංකුවලට දන්වයි
කොරෝනා වසංගතයෙන් පීඩාවට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබාදී ඇති ණය සහන දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ නියමයන් මහබැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු වෙත යොමුකර ඇති බව සඳහන්.
එහිදී පසුගිය 15 වනදා තෙක් නිකුත් කර ඇති ණය පහසුකම් අගෝස්තු 31 වනදා දක්වා නැවත සැකසීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.
කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලට මුහුණදී ඇති පුද්ගලයන්ගේ ණය පහසුකම් සහ පොලිය මෙලෙස සකසන ලෙසයි දන්වා ඇත්තේ.
එහිදී ණය ලබා ගත් පුද්ගලයන්ගේ මූල්‍ය දුෂ්කරතා සහ ආදායම් අහිමිවීම් සැලකිල්ලට ගත යුතු බව ද සඳහන් කර තිබෙනවා.