ඇමෙරිකාව සහ චීනය අතර වෙළඳ සාකච්ඡා යළි ඇරඹේ
ජනපති ජෝ බයිඩ්න් ගේ පරිපාලනය සහ චීනය අතර, ප්‍රථම ඉහළ පෙලේ වෙළඳ සාකච්ඡාව ඊයේ පවත්වා තිබෙනවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති එම සාකච්ඡාවට දෙපාර්ශවයේ ඉහළ පෙලේ නියෝජිතයන් සහභාගි වූ බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත්, මෙහිදී ට්‍රම්ප් පරිපාලනයේ අවසන් අදියරේ ඇති කර ගත් පළමු අදියරේ ගිවිසුම චීනය විසින් පිළිපදින්නේ ද යන්න ඇගයීමට ලක්වූ බව ඇමෙරිකානු නියෝජිත කණ්ඩායම මෙහෙයවූ කැතරින් ටායි ප්‍රකාශ කළා.
චීන වානිජ අමාත්‍යාංශය නියෝජනය කළ උප අග්‍රාමාත්‍ය ලියු හේ කියා සිටියේ මෙම සාකච්ඡාව ඉතා සුහද අන්දමින් පැවති බවයි.
හිටපු ජනපති ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා තීරුබදු විශාල වශයෙන් ඉහළ නැංවීමටත් සමග ඇමෙරිකානු – චීන වෙළඳ සබඳතා ඉතා දුර්වල තත්ත්වයකට පත්වුණා.
එහිදී ඇති වූ පළමු අදියරේ එකගතාවය යටතේ චීනය විසින් මෙම මුල් වර්ෂය තුල ඩොලර් බිලියන 200 ක් වටිනා ඇමෙරිකානු භාණ්ඩ හා සේවාවන් මිලදී ගත යුතුයි.