මවුනි රෝයි උදව් ඉල්ලයි
‘ශිවන්යා’ උතුරු ඉන්දිය ටෙලි නාට්‍යය හරහා ජනප්‍රිය වූ මවුනි රෝයිද සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා පවසා තිබුණේ බටහිර බෙංගාලයේ කුඩා නගරයක් මේ වනවිට ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින බවය.
ඔවුන්ට අවශ්‍ය කරන ඔක්සිජන් සාන්ද්‍රක, රෝහල් ඇදන් මෙන්ම අවශ්‍ය කරන බෙහෙතේ ආදිය ලබාදීමට කටයුතු කරන ලෙස සිය රසිකයන්ගෙන් ඉල්ලීමක්ද ඇය විසින් සිදුකොට ඇත. එමෙන්ම ඇය ‘ඉස්කාන්’ නම සමාජ පදනම සමග එක්ව අසරණව සිටින එම ගම්මානයේ ජනතාවට ආධාර පිරිනමන්නටද මේ වනවිට කටයුතු කර ඇති බවට වාර්තා වෙයි.