ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් කොරෝනා ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක්

කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොරෝනා ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉදිරි දින දෙක තුළ අදාළ පුහුණුකිරීම් ආරම්භ කරන බවයි එම අමාත්‍යාංශයේ අද පැවති කොවිඩ් 19 විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය ඇමතිනි  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල ආයෝජන කලාපයන් හි ඇඟළුම් කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ඉලක්ක කරගනිමින් විශේෂිත එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට තීරණය කර ඇති බවද ඇය සඳහන් කළා.