ජර්මනියේ අවුරුදු 12 ට වැඩි ළමයින්ටත් කොරෝනා එන්නත්
වයස අවුරුදු 12 ට වැඩි ළමයින්ට කොරෝනා එන්නත් ලබාදීමට ජර්මනිය සැළසුම් කර තිබෙනවා.
ජූනි 7 වනදා සිට ළමයින් සඳහා වන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් සඳහන් කළේ.
වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීමට යුරෝපා වෛද්‍ය ඒජන්සියේ අනුමැතිය අද දිනය තුළ ලබාදීමට නියමිතයි.
දැනටමත් වයස අවුරුදු 16 ට වැඩි ළමයින් සඳහා එම එන්නත ලබාදීමට යුරෝපා සංගමය අනුමැතිය ලබාදී තිබෙනවා.