සතොසින් භාණ්ඩ නිවසටම
www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සතොස සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළඳ අමාත්‍යාංශය පැවසීය .
දිවයින පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශයතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට සලසා දී තිබේ.
මෙහිදී රුපියල් 1000 භාණ්ඩ මල්ල සහ රුපියල් 5000 භාණ්ඩ මල්ලත් එසේම සතොස අලෙවියට තබා ඇති අනෙකුත් සියලු භාණ්ඩ වර්ග ද නිවසට ගෙන්වා ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ.
මීට අමතරව 1998 ක්ෂණික අංකය ඇමැතීමෙන් ද අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ හැකිය.