ලබන අඟහරුවාදා සිට සති දෙකක් මැලේසියාව වැසේ
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ලබන ජුනි මස පළමුවනදා සිට 14 වනදා දක්වා සති දෙකක කාලයක් රට සම්පූර්ණයෙන් වසාදැමීමට මැලේසියා රජය තීරණය කර තිබෙනවා.
එරට අග්‍රාමාත්‍යවරයා අද මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ ඊයේ දිනයේ කොරෝනා වෛරස් ආසාදිතයන් 8290ක් හමුවීමත් සමගයි.
දින 14ක කාලයකට රට වසා දැමීමෙන් අනතුරුව අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය ආර්ථික කයුතුවලට සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් බව සඳහන්.
මැලේසියාවෙන් අඛණ්ඩව වැඩිම ආසාදිතයන් හමුවූ 4 වන දිනය අදයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු මැලේසියාවෙන් මේ දක්වා ආසාදිතයන් 549514ක් හමුවී තිබෙනවා.
මැලේසියාවෙන් කොරෝනා ආසාදිත මරණ 61ක් වාර්තාවී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 2552ක්.