x – press pearl නැවේ ගින්නෙන් වෙරළ කලාපයට සිදුවූ හානි නිරීක්ෂණයට අගමැති යයි
ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ සුන්බුන් පැමිණීම නිසා අපවිත්‍ර වූ මුහුදු තීරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයට පැමිණියා.
එම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ද එක්ව සිටියා.
පසුගිය 19 දා ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාවේ බහාලුම් 1486 ක් පැවතුණා.
කෙසේ වෙතත්, මේ වන විට නෞකාවේ සියළු බහලුම් ගිනිගෙන විනාශ වී ඇති බවට සැක පළ කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ. ගිනි ගන්නා අවස්ථාවේ බහලුම් කිහිපයක් මුහුදට වැටී තිබුණා.
නෞකාවේ ප්‍රවාහනය කෙරුණු බොහෝ ද්‍රව්‍ය කළුතර සිට කල්පිටිය දක්වා වෙරළ කලාපයට ගසාගෙන පැමිණ තිබූ අතර ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වෙරළෙහි තැන්පත් වී තිබුණා.
මේ හේතුවෙන් එම කලාපයේ මසුන් ද මැරී සිටින අයුරු දක්නට ලැබුණා.
මේ අතර, සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින් හා ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ අදාළ ප්ලාස්ටික් නිෂ්පාදන කැට වෙරළෙන් ඉවත් කර ප්රතිචක්රීයකරණය කරදීමට සූදානම් බවයි.
එමෙන්ම, මෙම තත්ත්වය හමුවේ තමන්ට ධීවර කර්මාන්තය කරගෙන යාමට නොහැකි වාතාවරණයක් උද්ගතවී ඇති බව මීගමුව ප්‍රදේශයේ ධීවරයින් ප්‍රකාශ කළා.
මේ අතර එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පැතිරෙන දුම රට අභ්‍යන්තරයට පැමිණීමේ හැකියාවක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ඒ හේතුවෙන් ශ්වසන ආබාධ පවා සිදුවිය හැකි බවයි එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ.