ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 5 කට සුදුස්සන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 5 කට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කළා.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230 කට ද නිලධාරීන් පත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සඳහා දැනටමත් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති අතර, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු පසු අදාළ පත් කිරීම් සිදුකරන බවද ඔහු කියා සිටියා.