කොවිඩ් නියුමෝනියා තත්වයෙන් පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වෙති

ලංකා සමසමාජ පක්ෂයේ විධායක සභිකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන් අපවත්වී තිබෙනවා.

මාතර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අපවත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අපවත්වන විට උන්වහන්සේ 68 වන වියේ පසුවුණා. මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු හිමිනම ලෙස පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඉතිහාසයට එක්වන අතර, උන්වහන්සේ 2001 වසරේ සිට 2004 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

ගාල්ල – බද්දේගම – ගොතටුව ශ්‍රීපාදගොඩැල්ල විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කළ උන්වහන්සේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වනවා.