2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ
ලබන 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් මාලාව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දෙමාපියන් විසින් දරුවා ඇතුළත් කිරීමට අදාළවන පාසල්වල ප්‍රධානීන් වෙත ලබන මස 30 වනදාට පෙර අදාළ අයදුම්පත පුරවා ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
අමාත්‍යංශය කියාසිටියේ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර ලබාදි ඇති විධිවිධාන සහ තොරතුරු හොඳින් අධ්‍යනය කළ යුතු බවයි.
2022 ජනවාරි මස 31 වනදා වන විට දරුවාට වයස අවුරුදු 5 සම්පූර්ණ විය යුතු අතර එය සහතික කිරීම සඳහා උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා.
2022 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 6 හෝ ඊට වැඩි ළමුන් ඇතුලත් කිරීමට හැකියාව ඇත්තේ අවුරුදු 6ට අඩු සුදුසුකම් සපුරා ඇති ළමුන් සියලුදෙනාම ඇතුලත් කර ගැනීමෙන් පසුවයි.
පළමුවන ශ්‍රේණියේ සමාන්තර පන්තියක් සඳහා ළමයින් 35 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය මගින් ද 5 දෙනෙකු ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ගේ ළමයින්ගෙන් ද තෝරා ගනු ලබනවා.
ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40ක්.
සියලුම රජයේ පාසල්වලට ළමයින් ඇතුලත් කිරීම වෙනුවෙන් පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හා සියලුම ළමයින්ගෙන් අයකර ගැනීමට පාසල විසින් අනුමත කරගෙන ඇති මුදල හැර ඍජුවම හෝ වක්‍රව වෙනත් ගාස්තු හෝ ආධාර මුදල් හෝ වෙනයම් බඩු බාහිරාදියක් හෝ පාසලට/ පාසලට සම්බන්ධ සංවිධානවලට/ තුන්වන පාර්ශවයකට ලබාදීම සපුරා තහනම් වනවා.
ළමුන් ඇතුලත් කිරීමෙන් පසුව ද එලෙස ලබාදීමක් සිදු නොකළ යුතුයි.
එසේ සිදුකරන්නේනම් එය නීති විරෝධී කටයුත්තක් වන අතර දඩුවම් ලැබිය හැකි වරදක් බවට සලකන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙන්නේ.
2022 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමට අදාළ අයදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න