ගිනිගත් නැවේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීම හෙට

ගිනිගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පසුගිය 23 වනදා වරාය පොලීසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නෞකාවේ කපිතාන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 25 දෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර, එම  කාලය අදින් අවසන්  වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.