ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉල්ලීමක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියමිත කාලයේදී පැවැත්වීමට හැකියාවක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කාලය ලබාදෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙසටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත්තේ.

ලබන ඔක්තෝම්බර් සහ නොවැම්බර් අතර කාලය තුළදී මෙම තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබුණා.

එහෙත් ඉන්දියාවේ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්වයක් මතුව තිබෙනවා.

එමෙන්ම කල් දැමුනු අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඊයේ තීරණය කෙරුණා.