ජංගම වෙළඳුන්ට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලයක්

සංචරණ සීමා කාලසීමාව තුළදී නිවෙස් වෙත ගොස් බේකරි නිෂ්පාදන අලෙවි කරන පුද්ගලයින්ගේ සහ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ  ඇඳුම් කට්ටලයක් හඳුන්වාදීම සිදු කෙරුණා.

ඒ අනුව එහි පළමු අදියර යටතේ මිරිහාන පොලිස් වසමේ බේකරි නිෂ්පාදන ජංගම වෙළඳුන් 33 දෙනෙකු සඳහා ශරීර ආවරණ, මුඛ ආවරණ, හිස් ආවරණ සහ අත් ආවරණ ලබාදීමටයි ඊයේ කටයුතු කළේ. ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ජංගම වෙළඳුන් 8,895 ක් මේ වනවිට ලියාපදිංචි කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රකාශ කළා.

ඒ අනුව ජංගම වෙළඳුන් නොපැමිණියේ නම් හෝ පැමිණෙන වෙළඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා 011 23 69 139 යන දුරකථන අංකයද හඳුන්වාදී තිබෙනවා.