“වැලි ජාවාරම්කරුවන් සමඟ සබඳතා නැහැ” – මහින්ද අමරවීර
මාඳුරුඔයේ අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයින් පිරිසක් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ වැටලීම් නිලධාරීන් සිය භාරයට ගනුලැබුවා.
මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද ප්‍රදේශයේ වඩමුනේ පාලම ආසන්නයෙන් මාඳුරුඔයේ කොටසක මෙම වැටලීම සිදුකළා.
මෙම වැටලීමේදී පුද්ගලයින් 5 දෙනෙකු භූ විද්‍යා වැටලීම් නිලධාරීන් භාරයට ගැණුනු අතර ඔවුන් වාලච්චේන පොලීසිය වෙත රැගෙන ගොස් තිබුණා.
එහිදී පොලිස් පරිශ්‍රයේ දී ඇති වූ කතාබහ යෙදී එක් පුදගලයෙකු පවසන්නේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ලොකු අම්මාගේ පුතා තමන් බවයි.
කෙසේ වෙතත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් අප කළ විමසිමකදී ඔහු සඳහන් කළේ මෙලෙස පවසන පුද්ගලයා තමාගේ ඥාතියෙකු නොවන බවත් ඔහුගේ ප්‍රකාශය අසත්‍යක් බවයි.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ලංකාවේ කිසිම තැනක තමාගේ ඥාතිවරයෙක් වැලි ජාවාරම්කරුවෙකු වීමට අවස්ථාවක් නොමැති අතර එය සඳහා තමා අනුබල දීමක් සිදුකර නොමැති බවයි.