නව නීතිපති අගමැති හමුවෙයි

නව නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවුණා.

නීතිපති ධුරයේ වැඩ භාර ගත් බවට සැල කිරීමට පැමිණි නීතිපතිවරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුබ පැතුම් එක් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙහිදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සහ එමගින් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබදව ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබදව ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කර තිබෙනවා.