නිරෝධායන නීති කැඩූ කුරුණෑගල සහාකාර පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුවක්

පවතින නිරෝධායන නීති උල්ලංගනය කරමින් පැවති උපන්දින සාදයකට එක්වූ කුරුණෑගල සහාකාර පොලිස් අධිකාරිවරයාට  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා  නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියා සිටියා.

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සංවිධානය කළ පිරිත් පිංකමක් අතුරතුර තිබූ මෙම සාදයට අදාල සහකාර පොලිස් අධිකාරිවරයා එක්ව සිටියා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ද විමර්ශන දෙකක් ආරම්භ කර තිබෙනවා.