ජූනි හත්වනදා දක්වා සියලු සුරාබදු බලපත් ලබාගත් ආයතන මුද්‍රා තැබේ

සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත ජූනි 7 වනදා දක්වා දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේ හොර රහසේ මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.