කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අගවයි
කාබනික පොහොර ආනයනය කිරීම සුදුසු නොවන බවට පරිසරවේදීන් පෙන්වා දෙනවා.
ඊට එක් හේතුවක් ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර හරහා ඇතැම් භෝගවලට හානි කර දෑ පැමිණිය හැකි බවයි.
2021, 2021 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර ලක්ෂ පහකට අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් රජයේ පොහොර සමාගම් හරහා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
එසේම අනෙකුත් භෝග හෙක්ටයාර ලක්ෂ හයකට පමණ අවශ්‍ය කාබනික පොහොර, එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශවලට අනුව ආනයනයට බලපත්‍ර හිමි සමාගම් මගින් ගෙන්වා ගොවීන් වෙත බෙදාහැරීමටයි තීරණය කර ඇත්තේ.
මහ කන්නය සඳහා හෙක්ටයාර දෙලක්ෂ 24,000 කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමට තීරණය වී තිබෙනවා.
දැනටමත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර ලාභී කාබනික පොහොර නිෂ්පාදකයින් 27 දෙනෙකු සිටින අතර, ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව සැළකීමේදී ඔවුන්ගෙන් අදාළ පොහොර අවශ්‍යතාව සපුරාගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ පිළිබඳව අදහස් දක්වමින් පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ කාබනික පොහොර ආනයනය කිරීමට රජයට අවසර නොමැති බවයි.
එසේම පවතින තත්වය යටතේ මල් පැලයක් වුවද මෙරටට රැගෙන පැමිණියහොත් එහි පස් රට තුළට ගෙන ඒම තහනම් වනවා.
එලෙස තහනම් කර ඇත්තේ එවැනි ද්‍රව්‍ය හරහා මෙරට පරිසර පද්ධතියට හානිවිය හැකි පරපෝෂිතයන්, ව්‍යාධිකාරක, රෝග කාරක පැමිණිය හැකිවීම බවයි නීතීඥ පරිසරවේදී ජගත් ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.
එවැනි තත්වයක් තුළ කාබනික පොහොර විශාල ප්‍රමාණයක් ගෙන ඒම කිසිසේත් සිදු නොකළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.