මෙල්බර්න් නුවර වසාදැමීම් තවත් සතියකින් දිගු වෙයි

ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයේ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

මෙල්බර්න් නුවර පැතිරෙමින් පවතින නව කොරෝනා ප්‍රභේද පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ හේතුවෙන් මෙල්බර්න් නුවර වැසියන් මිලියන 5 කට පමණ බලපෑම් එල්ලවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, නවසීලන්ත සංචාරකයන්ට හැර සෙසු සියලු රටවලින් සංචාරකයින්  පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොරෝනා ආසාදිතයන් වාර්තාවන ප්‍රදේශ ආශ්‍රිතව දැඩි සීමාවන් පැනවීමටද පියවර ගෙන තිබෙනවා.