තෙල් විසිරීම වැළැක්වීමට “සමාරක්ෂා” සීරුවෙන්
මේ වන විට ගිලෙමින් පවතින එම්. වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් යම් කිසි තෙල් විසිරීමක් වුවහොත්,එය පාලනය කිරීම සඳහා විසිරුම් කාරක ඉසීමේ පහසුකම් සහිත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ” සමාරක්ෂා” නෞකාව ඒ ආසන්නයට යොමු කර ඇති බව වාර්තා වනවා.
මේ වනවිට කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාව ගැබුරු මුහුදට ඇද ගෙන යාමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර වාරයේ යම් කිසි තෙල් විසිරීමක් සිදු වුව හොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමටයි ” සමාරක්ෂා” නෞකාව කැඳවා ඇත්තේ.