කාදිනල් හිමියන් නඩු මඟට
ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමා නායකත්වය දීමට සූදානම් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු තීරයට මෙන්ම පරිසරයට ද දැඩි හානි සිදුව ඇති බවයි.