මුහුදේ සුළං වේගය ඉහළට

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.