‘පියුමි ගැන කට හොල්ලන්න එපා!’ – අගමැති, සරත්ට කියයි
නිරුපන ශිල්පිනී පියුමි හංසමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ දී කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව ඉන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ, ඊයේ (05) පෙරවරුවේ පොලිසිය බාර අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමග අනවශ්‍ය ගැටුමකට නොයන්නැයි ද අගමැතිවරයා මෙහිදී සරත් විරසේකර අමාත්‍යවරයාට අවවාද කර ඇතැයි ද පැවසේ.
ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අගමැති කාර්යාලයේ නිලධාරියකු පැවසුයේ, ‘හිරු’ නාලිකාවට හා මාධ්‍යවේදී සමුදිත සමරවික්‍රමට එරෙහිව සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් නඩු පැවරීමට යන බවට වාර්තා වීමත් සමග අගමැතිවරයා එසේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවයි.
ඇමති ලේකම්ගේ නිවේදනය :
නිරෝධනයට ලක්කල නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිස තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස්
ඔවුන් බස්රථයේම සිටියදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස්වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය ලබාදුන් බව සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පසුගිය (04) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණ.
පසුගිය 30 දා රාත්‍රී ෂ්‍රැංගීලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදාහරිනු ලැබූ පිරිස නිරෝධායනයට රැගෙන ගිය බස් රථය ආපසු හැරවීමට ඇමතිවරයා කිසිඳු අකාරයකින් උපදෙස් දී නැති බවද එම එම නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.
එම නිවේදනය පළවීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතිවරයා හාස්‍යයයට ලක් කරමින් පොස්ටු විශාල වශයෙන් සංසරණය විය.