ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයෙන් බර්කිනා – ෆාසෝ වැසියන් 132ක් මරුට
අප්‍රිකානු බර්කිනා-ෆාසෝ රාජ්‍යයේ අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයකින් ගම්වාසීන් 132 කු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට උතුරුදිග සොල්හාන් ප්‍රදේශයේ ගම්මානවලට පෙරේදා රාත්‍රියේ එල්ලවූ මෙම ප්‍රහාරය ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් දැඩි ලෙස හෙළා දකිනු ලැබුවා.
බටහිර අප්‍රිකාවේ බර්කිනා-ෆාසෝ මෙන්ම මාලි, චැඩ්, නයිජර් ඇතුලු රටවල් රැසක් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ගොදුරුවනවා.