ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

සංචරණ සීමා හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින්ට ඒ සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මසක හෝ ඊට වැඩි සාධාරණ කාලයක් ඒ සඳහා ලබාදීමට කටයුතු කරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම සහන කාලසීමාව සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බලැපැවැත්වෙනු ඇති.

සංචරණ සීමා හේතුවෙන් ජල මීටර් සටහන් ලබා ගැනීම ද දුෂ්කර වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.