කුළුණු මතින් ඉදිකෙරන අධිවේගී මාර්ගය සහ ගුවන්පාලම් ඉදිකිරීමේ සමාරම්භක උළෙල අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගය සහ ගුවන් පාලම් 05ක ඉදිකිරීම්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණය භාවිත කරමින් අරලියගහ මන්දිරයේදී සිට ආරම්භ වුණා.

කොළඹ සහ ඒ ආශ්‍රිත නගරවල මෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රධාන නරගවලත් අනෙකුත් ප්‍රධාන නගරවලත් පවතින අධික රථ වාහන තදබදය ඉවත් කිරීම සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමු කර තිබුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුවයි අගමැතිවරයාගේ උපදෙස් මත කොළඹ – මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමට සහ නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය ඉදිකිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇත්තේ.

එමෙන්ම, කොහුවල මංසන්ධියෙන් ගුවන් පාලමක් ද, ගැටඹේ මංසන්ධියේ ගුවන් පාලමක්ද, කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් මෙන්ම උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදි කෙරෙනු ඇති.

මේ අතර, බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ගුවන් පාලමක් ද ඉදිකෙරෙනවා.