කොරෝනා එන්නත් දුප්පත් රටවලට ක්‍රමවත්වම ලබා දෙන්නැයි යුනිසෙෆ් සංවිධානයෙන් ඉල්ලීමක්
තමන් විසින් රැස් කර ගන්නා ලද අතිරික්ත කොරෝනා එන්නත් තොග විශාල වශයෙන් එකවර දුප්පත් රටවලට යැවීමෙන් ඒවායින් නිසි ප්‍රයෝජන ලබා ගැනීම දුෂ්කර වනු ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.
එමගින් පෙන්වා දෙන්නේ එලෙස විශාල තොග එකවර හැසිරවීමට දුප්පත් රටවලට සම්පත් නොමැති බවයි.
මේ නිසා වසර පුරා එම රටවලට ක්‍රමවත් සැපයුමක් සිදුවිය යුතු බව යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් එහි සන්නාම තානාපතිවරුන් වන සුපිරි පොප් ගායිකා බිලී අයිලිෂ් , සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් සහ බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා ඉල්ලා සිටියා.
ඔවුන් සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජී 7 කණ්ඩායමේ සංවර්ධිත රටවල සමුළුව වෙත ද යොමුකර තිබෙනවා.
එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ ධනවත් රටවල අතිරික්ත එන්නත් මගින් සියයට 20 ක් අගෝස්තු මාසය වනවිට ලබාදෙන ලෙසයි.
ගෝලීය වසංගතය ලොව සෑම තැනකින්ම දුරුවනතුරු කොතැනකින් හෝ එය තුරන් නොවන බවයි මෙම සුපිරි තරු ධනවත් රටවලින් ඉල්ලා ඇත්තේ.