මත් ජාවාරමට අතුරුගිරියේදී ඇල්ලූ යුවළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ දී පසුගිය 06 වනදා අත්අඩංගුවට ගැනුණු යුවළ දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ සැකකාරිය සහ සැකකරු ඊයේ (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු අංජු නැමැත්තාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙක් සහ ඔහුගේ බිරිඳ පෙරේදා මෙලෙස
අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරකට අනුවයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 14ක මුදල් සහ ඉලෙක්ට්‍රොනිකව මුදල් ගණනය කරන යන්ත්‍ර දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 23 හැවිරිදි වියේ පසුවන කාන්තාව නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ.