ඇල්පිටියට අපනයන කෘෂි අගයදාම සංවර්ධන කර්මාන්ත කලාපයක්
ඇල්පිටිය ප්‍රදේශයට අපනයන කෘෂි අගයදාම සංවර්ධන කර්මාන්ත කලාපයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අපනයන කෘෂිකර්ම ක්ෂේත්රයේ අගය එකතු කළ නිෂ්පාදන ඉහළ නංවමින් විදේශ විනිමය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි ඇල්පිටිය මහහීන්තැන්න ප්‍රදේශයේ මෙම සංවර්ධන කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත්තේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින අක්කර 14 ක භූමි ප්‍රමාණයක මෙම කර්මාන්ත කලාපය පිහිටුවීමට නියමිතයි.