ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු වැඩිදියුණු කෙරේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර වෙළඳ අවස්ථා වැඩි කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා එරට ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්වුණා.

ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේදී පැවති මෙම හමුවේදී ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා කියා සිටියේ දෙරට අතර අපනයන උපාය මාර්ග හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම කෙරෙහි අවධානයක් යොමුකළ යුතු බවයි.

දැනට ඇෆ්ගනිස්ථාන වෙළඳපොලෙහි අලෙවි වන ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදනවලට සාපේක්ෂව මෙරට උසස් තත්ත්වයේ තේ, කුරුඳු සහ කුළු බඩු වල ඉහළ ප්‍රමිතිය තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ සාම්පල ද ප්‍රදර්ශනය කරමින්.