වවුනියා මණ්ඩපය, විශ්වවිද්‍යාලයක් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන අගෝස්තු 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එය, වවුනියා විශ්වවිද්‍යාලය ලෙසයි නම් කර ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වවුනියා විශ්වවිද්‍යාලය, ව්‍යාපාර අධ්‍යාපන පීඨයකින්, ව්‍යවහාර විද්‍යා පීඨයකින් සහ තාක්ෂනික අධ්‍යයන පීඨයකින් සමන්විත විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.