කිරුම් මිණුම් උපකරණ පරික්ෂා කිරීමේ මෙහෙයුම්

සංචරණ සීමා කාලය තුළ ජංගම වෙළඳුන් භාවිතා කරන තරාදි සහ කිරුම් මිනුම් උපකරණ පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ කිරුම් මිණුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව මගින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, එහි පළමු අදියර බදුල්ල සහ මහියංගනය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඊයේ ක්‍රියාත්මක කෙරුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ බොහෝ වෙළඳුන් ප්‍රමිතියෙන් තොර තරාදි වර්ග භාවිතා කරන බවටයි.

සංචරණ සීමා කාලය තුළ වෙළඳාම් කිරීමට නිකුත් කල බලපත්‍ර ප්‍රමාණයට සරිලන  ජංගම වෙළඳ රථ ප්‍රමාණයක් එම කටයුතු සිදු නොකරන බවටද මෙම පරික්ෂාවේදී නිරීක්ෂණය වී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් කිරුම් මිණුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී දුලිත් අශෝක සඳහන් කළේ සංචරණ සීමා කාලය තුල වෙළඳාම් කිරීමට බලපත්‍ර නිකුත් කිරීමේදී ඔවුන් භාවිතා කරන කිරුම් මිනුම් උපකරණ පිළිබඳව අවධානය යොමු කළයුතු බවයි.

සංචරණ සීමා කාලය තුල වෙළඳාම් කිරීමට සඳහා බලපත්‍ර නිකුත් කිරීම නියාමනයකින් යුතුව සිදු කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.