තයිරොක්සින් ඖෂධවල හිඟයක්

තයිරොක්සින් රෝගය සඳහා ලබාදෙන ඖෂධවල හිඟතාවක් මේ වන විට පවතින බව වාර්තාවනවා.

ආර්ජන්ටිනා රාජ්‍යයෙන් එම ඖෂධය මෙරටට ආනයනය කරන අතර, එරට නිෂ්පාදනයේ ප්‍රමාදයක් හේතුවෙන් තයිරොක්සින් රෝගය සඳහා ලබාදෙන ඖෂධ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඉදිරි සති දෙක තුළ එම ඖෂධය මෙරටට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ පාර්ලිමේන්තුවේදි කියා සිටියේ.