ප්‍රංශ ජනපති මැක්රොන්ට කම්මුල් පහරක් දෙදෙනෙක් අත්අඩංගුවට

ගිණිකොන දිග ප්‍රංශයේ සංචාරයක නිරතවූ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්ට ජනතාව අතර සිටි පුද්ගලයෙකු අතුල් පහරක් එල්ල කර තිබෙනවා.

සිය සංචාරයේදී හෝටල් පාසලක නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසු ඉදිරිපස රැස්ව සිටි ජනතාව හමුවීමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇති බව සඳහන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ නමුත් ප්‍රංශ ජනාධිපතිවරයා වහා එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කළ අතර, අතුල් පහර එල්ල කළ පුද්ගලයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධියෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ මෙය හුදෙකලා සිද්ධියක් ලෙස සළකන අතර, අතුල් පහර එල්ල කළ පුද්ගලයා සංවාදයට ලක් කළ යුතු අයෙකු නොවන බවයි.

එමෙන්ම තමන් ජනතාව හමුවට යාම අඛන්ඩව සිදුකරන බවත්, එය වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවත්, ජනාධිපති මැක්රොන් අවධාරණය කළා.

ප්‍රංශ ජනාධිපතිවරයාට අතුල් පහර එල්ල කළ යෞවනයා දක්ෂිණාංශික අන්තවාදී අදහස් දරන්නෙකු ලෙස විශ්වාස කෙරෙනවා.

ඔහු ජනාධිපතිවරයාට අතුල් පහර එල්ල කර ඇත්තේ ප්‍රංශයේ පළමුවන චාල්ස් හෙවන් ෂාලමන් අධිරාජ්‍යයාගේ රණබිමේ පාඨයක් හඬ නගමින්.