වසරේ ප්‍රථම සූර්යග්‍රහණය අද
අමෙරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළේ චන්ද්‍රයා පෘථිවියෙන් ඈත්ව පැවතීම නිසා මෙහිදී එමගින් පූර්ණ ලෙස සූර්යයා ආවරණය නොවන බවයි.
සූර්යග්‍රහණයක් සිදුවන්නේ පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණ එහි දර්ශනය මුවා කිරීමෙන් කෙසේ නමුත් අද සිදුවන සූර්යග්‍රහණයේදී සූර්යයා මුළුමනින්ම ආවරණය නොවන හෙයින්, සූර්යයා දිස්වනු ඇත්තේ ගිනි වලල්ලක් ලෙසින්.
එම සූර්යග්‍රහණය රුසියාව ග්‍රීන්ලන්තය සහ කැනඩාවට මුළුමනින්ම දිස්වුව ද, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයට දිස්වනු ඇත්තේ පාර්ශවීය සූර්යග්‍රහණයක් ලෙසින්.
ශ්‍රී ලංකාවට ද එය දිස් නොවන අතර, ඉන්දියාවේ – ලඩාක් සහ අරුණාචල් ප්‍රදේශ් යන දුරස්ථ ප්‍රාන්තවලට පමණක් පාර්ශවීය සූර්යග්‍රහණයක් ලෙස දිස්වනු ඇතැයි අපේක්ෂිතයි.