කොරෝනා මර්දනයට දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් පන් ලක්ෂයක වෛද්‍ය උපකරණ
කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා දකුණු කොරියාව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂයක් වටිනා වෛද්‍ය උපකරණ ලබාදීමට තීරණය කර ඇති බව කොළඹ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය සඳහන් කළා.
කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ප්‍රකාශ කළේ ඊට පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල සහ එම උපකරණ ඇතුළත් වන බවයි.
කොවිඩ් මර්දනයට එරෙහි ක්‍රියාමාර්ග වලදී ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බවත්, මෙරට කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය වසරේ දෙසැම්බරයේදී ද දකුණු කොරියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් තුන් ලක්ෂයක් පමණ වටිනා වෛද්‍ය උපකරණ පිරිනමනු ලැබුවා.